දඩගමුව රජමහා විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහා විහාරයකි. මෙම විහාරස්ථානයට ළඟා වීම සඳහා කොළඹ නුවර පාර ඔස්සේ කලගෙඩිහේන හන්දිය දක්වා පැමිණ දකුණු පසට හැරී වේයන්ගොඩ පාරේ කිලෝමීටර් 1 1/2 පමණ ගමන් කිරීමෙනි දඩගමුව හන්දිය දක්වා පැමිණ වම් පසට හැරී කිලෝමීටර් භාගයක් පමණ ගමන් කල යුතු වේ. වාහන නවතා තැබීමේ පහසුකම් ඇත.

දඩගමුව රජමහා විහාරයෙහි සුවිසල් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ හිදී. විහාරස්ථානය තුළ පුරාණ බෝධීයක් පවතින අතර ඉපැරණි බුදු ගෙයක්ද දැකිය හැකි වේ. මෙම බුදු ගෙය තුළ චිත්‍ර, මූර්ති මෙන්ම බුදු ගෙය අවට පුරාවිද්‍යා වටිනාකමක් ඇති නටඹුන් ද දැකිය හැකි වේ. කුඩා ජලාශයක් මැදි කරගත් අලංකාර පරිසරයක පිහිටි සීමා මාලකය විහාරස්ථානයට ආකර්ෂණීය බවක් එක් කරයි.