කන්දෙ විහාරය

කළුතර දිස්ත්‍රික්කයේ් පිහිටිි ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයකි. අලුත්ගම නගරය ආසන්නයේ පිහිටි අලංකාර කඳු ගැටයක් මත මෙම විහාරස්ථානය ඉදි කර ඇත. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ආගමික සිද්ධස්ථානයකි. මෙම විහාරස්ථානයේ පිහිටි ඉතා පැරණි හාස්කම් සහිත බෝධීන් වහන්සේ විහාරස්ථානය සතු අති පූජනීය වස්තුවකි. මෑතකදී ඉදිකරන ලද භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුත් රියන් 107ක් උස සහ මහල් 10කින් යුත් ඇතුළත බිතු සිතුවම් සහිත අති විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ සැමගේ වන්දනාමානයට පාත්‍ර වෙමින් විහාරස්ථානයට ගාම්භීරත්වයක් එක් කරයි.

ගාලු පාර ඔස්සේ පැමිණ මෙම විහාරස්ථානයට පහසුවෙන් ළඟා විය හැකි අතර වාහන නවතා තැබීමේ පහසුකම් සහිත වේ.

Articles

Find More  

මිහින්තලය

එකයි..දෙකයි..තුනයි..වලින් පටන් අරන් සීයත් පහු වෙලා පඩිපෙල් වල ගාන. සිය ගාණක් පියගැට කිව්වහම අපට එක සැරේම මතක් වෙන්නෙ සමනළ කන්ද. ඒත් අපි අද මේ ගණන් කරමින් ආවේ සමනළ කන්දෙ පියගැට පෙළ නම් නෙමෙයි. සමනළ කන්දෙ පියගැට පෙළ වගේම ප්‍රසිද්ධ පියගැට පෙළක් තියෙනවා නම් ඒ වෙන කොහෙවත් නෙමෙයි මිහින්තලාවේ පියගැට පෙළ. මිහින්තලා කන්ද පාමුල තියෙන කඩ පේළිය අතරින් ගිහින් විකුණන්න තිබ්බ …

Continue reading