කතරගම කිරි වෙහෙර

කතරගම පූජා නගරය තුළ පිහිටා ඇති කතරගම කිරි වෙහෙර බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් සොළොස්මස්ථානයට අයත් අති පූජනීය ස්ථානයකි. කතරගම වන්දනාවේ යන සැවොම ඉමහත් භක්තියෙන් වන්දනා කරන කතරගම කිරි වෙහෙර 6 වෙනි ශත වර්ෂයේ දී මහාසේන රජතුමා විසින් ඉදි කරවන ලද්දකි. උසින් අඩි 95 ක් වන මෙම ස්ථූපය වට ප්‍රමාණයෙන් අඩි 280 කි. රුහුණු මහා කතරගම දේවාලයට මීටර් 800 පමණ නුදුරින් පිහිටා ඇති කතරගම කිරි වෙහෙර ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. කතරගම කිරි වෙහෙර සමීපයෙහි පිහිටා ඇති මහාසේන දේවාලයෙහි ඇති මහාසේන ප්‍රතිමාව මහත් හාස්කම් ඇති ස්ථානයක් ලෙස ජනතාව අතර ප්‍රචලිතය.