රංටැඹේ වේල්ල

ජර්මානු රජයේ ආධාර ඇතිව 1990 වර්ෂයේ දී සාදා නිම කරන ලදී. මධ්‍යම පළාත තුළ පිහිටා ඇත. අඩි 1378 එනම් මීටර් 420ක් දිගින් යුත් මෙම වේල්ල මඟින් ජාතික විදුලි බල පද්ධතියට විශාල දායකත්වයක් සපයයි. වේල්ලේ උස මීටර් 42කි. අලංකාර පරිසරයක පිහිටි මනරම් වේල්ලකි. මෙම වේල්ල හරහා ගමන් කල හැක්කේ අවසර ලත් වාහන වලට පමණි.