සාලියපුර සත්වෝද්‍යානය

සාලියපුර සත්වෝද්‍යානය අනුරාධපුරය සාලියපුර පිහිටා ඇති ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන කුඩා ප්‍රමාණයේ සත්වෝද්‍යානයකි. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 8 1/2 පමණ දුරින් A9 මාර්ගයේ සාලියපුර සත්වෝද්‍යානය පිහිටා තිබේ. ගජබා රෙජිමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන වෙළෙඳ සැල සහ අවන් හලට යාබදව මෙම සත්වෝද්‍යානය ස්ථාපිත කර ඇත. මෙම සත්වෝද්‍යානය තුළට ඇතුළු වීම සඳහා ගාස්තුවක් අය නොකෙරේ.

මෙම සත්වෝද්‍යානය තුළ කුඩා ළමුන්ට විනෝද වීම සඳහාද ස්ථානයක් ඉදි කර ඇත. මෙහි දී වළසුන්, කිඹුලන්, මුවන්, කොල දිවියන්, පෝනියන්, සාවුන්, ඉත්තෑවන්, ඉබ්බන්වි වැනි සතුන්ද, විවිධ වර්ගයේ කුරුල්ලන්ද දැකිය හැකි වේ. මෙම සත්වෝද්‍යානය ඉතා අකර්ෂණිය ලෙස භූමි අලංකරණය කර තිබෙන අතර ඉතා පිරිසිදු ලෙස පවත්වාගෙන යනු ලැබේ. පවුලේ සැමට විනෝද වෙමින් විවේකය ගත කිරීමට ඉතා උචිත ස්ථානයකි.