මොරගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය

ගම්පහ නගරයේ සිට ඔරුතොට පාර ඔස්සේ කිලෝමීටර් 3 ක් පමණ යන විට වම් පස මොරගොඩ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය හමු වේ. නුවර පාරින් පැමිණ ඔරුතොට පාර ඔස්සේ ගම්පහ දෙසට පැමිණීමෙන්ද මෙම විහාරස්ථානයට ළඟාවිය හැක. විහාරස්ථානය ඉදිරිපිට වාහන නවතා තැබීමට ඉඩ පහසුකම් පවතී.

1961 වර්ෂයේ දී ආරම්භ කර ඇති මෙම විහාරස්ථානය අද වන විට ප්‍රෙද්ශයේ ඇති අංග සම්පූර්ණ විහාරස්ථානයකි. මොරගොඩ ගම මධ්‍යස්ථානය කර ඉහළයාගොඩ, ඔරුතොට, මුදුන්ගොඩ ජනතාවට ආගමික කටයුතු සිදුකල හැකි පුණ්‍ය ස්ථානයක් ලෙස ස්ථාන ගත කර ඇත. ඉතා දැකුම්කළු ලෙස නිමවා ඇති මෙම විහාරස්ථානයේ ඉතා පැරණි බෝධීන් වහන්සේ නමක් වැඩ හිදී. තවද මෙහි වැඩ සිටින රන්වන් පැහැ විශාල හිටි බුදු පිළිම වහන්සේ මෙම විහාරස්ථානයට අලංකාරය මුසු පෞඩත්වයක් එක් කරයි.