අර්දුනු ඇල්ල

මෙය ඉතා ආකර්ශනීය නමුත් ප්‍රසිද්ධියෙන් අඩු දිය ඇල්ලක් වන අතර එය පස්සරට සමීපව පිහිටා ඇත. දිය ඇල්ලට ළඟාවීම සඳහා පස්සර සිට මඩුල්සිම පාරේ කිලෝමීටර් 3 ක් පමණ දුර ගමන් කළ යුතුය. එහිදී මාර්ගයේ වම් පසට පටු මාර්ගයක් ඇත. දිය ඇල්ලට ළඟා වීමට තවත් කිලෝමීටරයක් ​​පමණ එම පටු මාර්ගයේ ගමන් කල යුතුය.

මෙම දිය ඇල්ලේ ජල ප්රභවය නමුනුකුල කඳු පන්තියෙන් ආරම්භ වන අතර එය ලොග්ගල් ඔයට සම්බන්ධ වේ. දිය ඇල්ල උසින් ඉතා ඉහළ නොවන නමුත් ඉතා ආකර්ෂණීය වේ. වැඩි අපහසුතාවකින් තොරව දිය ඇල්ලේ මුදුනට නැගීමට හැකි ය.

මෙම දිය ඇල්ල අසල නෑමට සුදුසු නැත.