දෙමෝදර දුම්රිය පාලම

දෙමෝදර දුම්රිය පාලම ආරුක්කු නවයේ පාලම ලෙස ප්‍රචලිතය. එහි හැඩය ලස්සන ආරුක්කු නවයකින් යුත් අඩි 300 ක් දිග වක්‍ර හැඩයකින් යුක්තය. දෙමෝදර සහ ඇල්ල යන දුම්රිය ස්ථාන අතර මෙය දැකගත හැකිය.

මෙම පාලම ගල් වලින් නිමවා ඇත. පළමු ලෝක යුද්ධය හේතුවෙන් ඉදිකිරීම් කාලයේදී (1921 දී) එක්සත් රාජධානියෙන් වානේ ආනයනය කිරීමේ ගැටලුවක් ඇති විය. එම හේතුව නිසා මෙම පාලම ගල් වලින් තැනීමට බ්‍රිතාන්‍යයන්ට තීරණය කිරීමට සිදුවිය. ජන කතා වලට අනුව, එම කාර්යය නිසි ලෙස ගල් වලින් සිදු කිරීම සඳහා සිංහල ජනයාගේ සහාය ලබා ගැනීමට ඔවුන්ට සිදු විය.

මෙම ආකර්ශණීය පාලම තවමත් ශ්‍රී ලංකාවේ ඉහළ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සදහා කිසිදු හානියක් නොමැතිව යොදාගැනෙයි.