හක්ගල උද්භිද උද්‍යානය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හක්ගල උද්භිද උද්‍යානය ඉතා අලංකාර උද්‍යානයක් ලෙස ප්‍රචලිතය. 1961 වර්ෂයේ දී පිහිටුවන ලද හක්ගල උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති දෙවන විශාලතම උද්භිද උද්‍යානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 5400 ක් ඉහළින් පිහිටා ඇතී මෙම උද්‍යානය සිසිල් දේශගුණයක් සහිත ප්‍රෙද්ශයකි. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 සිට 30 දක්වා වෙනස් වන අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ශීත දේශගුණික තත්ත්වයක් සහ අප්‍රේල් සිට අගෝස්තු දක්වා උණුසුම් දේශගුණික තත්ත්වයක් පවතී.

නුවරඑළිය සිට බදුල්ල දක්වා ගමන් කරන මාර්ගයේ කිලෝමීටර් 16 පමණ ගමන් කල විට හක්ගල උද්භිද උද්‍යානය හමු වේ. උද්‍යානයට ඇතුළු වීම සඳහා ටිකට් පතක් ලබා ගත යුතු අතර වාහන උද්‍යානයට පිටතින් මාර්ගයේ නවතා තැබිය හැකි වේ.

හක්ගල උද්භිද උද්‍යානය ඉතා ඉහළ භූමි අලංකරණ අංග වලින් සමන්විත වන අතර මෙහි ඇති විවිධ වර්ණයන්ගෙන් යුත් මල්, ශාක, පදුරු, වෘක්ෂ සහ ගොඩනැගිලි උද්‍යානයට විචිත්‍රවත් බවක් එක් කරයි. රෝස උද්‍යානය මෙහි ඇති සුවිශේෂී අංගයක් වන අතර විවිධ වර්ගයේ සහ විවිධ වර්ණයේ අලංකාර රෝස මල් වලින් පිරී පවතින මෙම ස්ථානය සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය දිනා ගන්නා ස්ථානයයි.