හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය

ගම්පහ දුම්රිය ස්ථානයට යාබදව ඇති හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය ගම්පහ නගරයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකි. 1864 වර්ෂයේ බ්‍රිත්‍යාන්‍ය පාළන සමයේ දී ඉදි කර ඇති මෙම දුම්රිය ස්ථානය ඵෙතිහාසික වටිනාකමක් ඇති ගොඩනැඟිල්ලක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබේ.