කඩුගන්නාව අම්බලම

කොළඹ සිට නුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ සුප්‍රසිද්ධ කඩුකන්නාව කන්ද නඟින විට වම් පස හමුවන ගොඩනැඟිල්ලකි. අම්බලම යනු පුරාණයේ දුර ගමන් යන පුද්ගලයින් ගිමන් නිවා ගැනීම සහ රාත්‍රිය ගත කිරීම සඳහා යොදා ගත් ස්ථානයකි. කඩුගන්නාව අම්බලමද එදා උඩරට පහතරට එහා මෙහා ගමන් ගත් වෙළෙන්දන් අසරුවන් සහ සාමාන්‍ය ජනතාවගේ විඩා නිවූ ස්ථානයක් විය.

නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩ නඟා ඇති මෙම ගොඩනැඟිල්ල වසර 200 ක් පමණ පැරණි එකකි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම ගොඩනැඟිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ තාක්ෂණික උපදෙස් වලට අනුව සංචාරක කටයුතු අමාත්‍යාංශය මඟින් ප්‍රතිසංස්කරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස සැළකෙන  කඩුගන්නාව අම්බලම ඔබ විසින දැක බලා ගත යුතු වැදගත් ස්ථානයකි.