ග්‍රෙගරි වැව (නුවර එළිය)

බ්‍රිත්‍යාන්‍ය විසින් ශ්‍රී ලංකාව පාලනය කල සමයෙහි අග්‍රාණ්ඩුකාර තනතුර දැරූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි මැතිතුමා විසින් 1873 දී නුවරඑළිය මනරම් භූමි භාගයක ග්‍රෙගරි වැව ඉදි කරවන ලදී.මුහුදු මට්ටමේ සිට අඩි 6148 උසකින් පිහිටා ඇති ග්‍රෙගරි වැව අක්කර 225 ක භූමි ප්‍රෙද්ශයක පැතිරී පවතී.

ග්‍රෙගරි වැව අවට භූමිය ඉතා විසිතුරු ලෙස භූමි අලංකරණය කර තිබෙන අතර කදු වලින් වටවී ඇති අවට පරිසරය ග්‍රෙගරි වැවේ අලංකාරය දෙගුණ තෙගුණ කරවයි. ග්‍රෙගරි වැව උද්‍යානයට පිවිසීම සඳහා ටිකට් පතක් ලබා ගත යුතු අතර වාහන නවතා තැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ මෙහි පවතී.

 

Lake Gregory (Nuwara Eliya)

මෙහි දී ඔබට වැවේ බෝට්ටු සවාරි, පෝනි පිට යාම සහ වායු රයිෆල වෙඩි තැබීම වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම් වල නිරත විය හැක. ආහාර ගැනීම සඳහා ජල පහසුකම් සහිත ස්ථානයක් පවතින අතර අනෙකුත් සනීපාරක්ෂක පහසුකම්ද මෙහි පවතී. උද්‍යානය තුළ ඇති වෙළෙද සැල් වලින් ආහාර පාන, විසිතුරු භාණ්ඩ සහ දුරතථන කාඩ්පත් වැනි දෑ මිළදී ගත හැකි වේ. ග්‍රෙගරි වැව සහ උද්‍යානය  නුවර එළිය නගරයට පැමිණි ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයකි.