පදවිය වැව

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පදවිය වැව ශ්‍රී ලංකාවේ විශාලතම වැව් කිහිපය අතරින් එකකි. පදවිය වැව 2 වන සහ 3 වන ශත වර්ෂ වලදී සුබෝධතිස්ස රජතුමා සහ මහාසේන රජතුමා විසින් කරවන ලදැයි සැළකෙන අතර 12 වන ශත වර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ.

අනුරාධපුරය සිට පදවිය දක්වා දිවෙන මාර්ගයේ මැදවච්චිය සහ කැඹතිගොල්ලෑව යන නගර පසු කර කිලෝමීටර් 89 ක් පමණ ගමන් කල විට පදවිය වැව හමු වේ. පදවිය වැව නැරඹීම සඳහා ප්‍රධාන මාර්ගයෙන් හැරී මද දුරක් ගමන් කල යුතු වේ. සුවිසල් වැව් බැම්මකින් සමන්විත අති විශාල වපසරියක පැතිර ඇති පදවිය වැව ඔබ නෙත ගැටෙන පළමු වර ඔබ නිසැකවම විශ්මයට පත් කරවන අතර අතීත ශ්‍රී ලාංකික වාරි කර්මාන්තයේ පෞඩත්වය පිළිබද ඔබ ආඩම්බර වනු නිසකය.