වෙළෙඳ තොටුපොළ

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටා ඇති පාවෙන වෙළෙඳ තොටුපොළ වෙළෙඳ කුටි 92 කින් සමන්විත වූවකි. කොළඹ බේරේ වැව ආශ්‍රිතව පිහිටුවා ඇති මෙම වෙළෙඳ තොටුපොළ බේරේ වැව තුළ සවිකල කණු මත ඉදි කරන ලද වේදිකා මත නිර්මිත හෙයින් පාවෙන වෙළෙඳ පොළක ස්වරූපය ගනී. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් මෙහි විනෝදාස්වාදය සඳහා බෝට්ටු සේවාවක්ද ක්‍රියාත්මක වේ. සැකසූ ආහාර පාන, එළවළු, පළතුරු, විසිතුරු භාණ්ඩ, ආභරණ, සෙල්ලම් බඩු සහ ජංගම දුරකථන වැනි බෝහෝ දේ අළෙවි කරන වෙළෙඳ කුටි වලින් මෙය සමන්විත වේ.

2014 අගෝස්තු මස 14 වෙනි දින එවකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙඹවූ ගරු  මෛත්‍රිපාල සිරිසේන මැතිතමා විසින් මෙම වෙළෙඳ තොටුපොළ විවෘත කරන ලදී.