රඹෑව වැව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව නගරයට මදක් ඇතුලට වන්නට රඹෑව වැව පිහිටා තිබේ. රඹෑව වැව් බැම්මේ සිට බැලූ විට මිහින්තලා මහා සෑය දර්ශනය වන අතර වැව් බැම්මේ සිට පෙනෙන වට පිටාව ඉතාම චමත්කාරජනක වේ. කෘෂිකර්මාන්තය සඳහා වැවේ ජලය ප්‍රෙයා්ජනයට ගැනෙන අතර වැව ආශ්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන පිරිසක්ද සිටී. වැවේ එක් පසෙක නෙළුම් මල් වලින් පිරී පැවතීම වැවේ අලංකාරය වැඩි කරවයි. මෙහි පිටවාන මෑත දී නවීකරණය කර වඩාත් ක්‍රමවත් ආකාරයට සකස් කර ඇත. විශේෂයෙන් සවස් කාලයට ස්නානය පිණිස එන ජනතාවගෙන් රඹෑව වැව පිරී යයි. මෙහි ආරක්ෂාකාරී ලෙස ස්නානය කිරීමට හැකියාව තිබේ. රඹෑව නගරයට පිවිසීම සඳහා අනුරාධපුරයේ සිට වව්නියාව පාරේ කිලෝමීටර් 14 පමණ පැමිණිය යුතු වේ.