ගංගාරාම සීමා මාලකය

කොළඹ ගංගාරාම විහාරයෙහිම කොටසක් වන සීමා මාලකය බේරේ වැව මධ්‍යෙය් පිහිටා ඇත. ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාගේ තවත් අග්‍රගන්‍ය නිර්මාණයක් වන මෙය 1979 දී තනා නිම කරන ලද්දේ 19 වන සියවසේ මුල් භාගයේ දී ඉදිකල මුල් නිර්මාණය ක්‍රමයෙන් බේරේ වැවේ ගිලී යාමෙන් අනතුරුවය. එම පැරණි සීමා මාලකය ගොඩ නගා තිබී ඇත්තේ ලී කණු මතය. නව සීමා මාලකය තැනීම සඳහා වියදම් දරා ඇත්තේ මුස්ලිම් ජාතික මුසාජි යුවළ විසින් තම පුතණුවන් සිහපත් කිරීම සඳහා වීම විශේෂත්වයකි.

මෙම සීමා මාලකය වේදිකා තුනකින් සමන්විත වන අතර ප්‍රධාන වේදිකාවෙහි අනුරාධපරය ශ්‍රී මහා බෝධියෙන් වඩම්මවන ලද බෝධි ශාඛාවක් රෝපණය කර තිබේ. මෙහි සතර කොණ ශිව, විශ්ණු, කතරගම සහ ගණ දෙවියන් වෙනුවෙන් කුඩා කුටි නිර්මාණය කර තිබේ. විවිධ මුද්‍රා දක්වන හිඳි බුදු පිළිම රාශියකින් සහ බෞද්ධ ආගමික සංකේතයන්ගෙන් සමන්විත ගංගාරාම සීමා මාලකය වන්දනීය බෞද්ධ නිර්මාණයකි.

 

Nearest town:
Radius: