තිස්ස වැව

කතරගම වන්දනාවේ යන සැවොම නොවරදවාම නැවතී ගිමන් හරින ස්ථානයකි. තිස්සමහාරාම නගරයට ආසන්නව පිහිටා ඇති තිස්ස වැව 3 වෙනි ශත වර්ෂයේ දී රුහුණේ රජකම් කල මහානාග රජතුමා විසින් ඉදිකරන ලදැයි සැළකේ. ඉන්පසුව 1871 දී නැවත ප්‍රතිසංශ්කරණය කරන ලද තිස්ස වැව අද දවසේ අක්කර 652 ප්‍රමාණයක විහි දී තිබේ. තිස්සමහාරාම ප්‍රෙද්ශයේ ඉතා විශාල කුඹුරු යායවල් සඳහා ජලය සපයන තිස්ස වැව තිසිසමහාරාම ප්‍රෙද්ශයේ ජනතාවට වටිනා සම්පතකි. තිස්ස වැවෙහි වැව් බැම්ම ඉතා මනරම් ලෙස භූමි අලංකරණය කර තිබෙන අතර වැව් බැම්මෙහි ඇති සුවිසල් වෘක්ෂ වැවට එක් කරනුයේ අභිමනවත් බවකි. නිරන්තරයෙන් ජනතාවගෙන් පිරී පවතින තිස්ස වැව ස්නිනය සඳහා ප්‍රසිද්ධ ස්ථානයකි.