බඹරකන්ද ඇල්ල

ශ්‍රි ලන්කාවේ උසම දිය ඇල්ල

බඹරකන්ද … මෙය ශ්‍රි ලන්කාවේ උසම දිය ඇල්ලයි. එහි උස මීටර් 263 කි. හෝර්ටන් තැන්නෙන් ඇරම්ඹෙන දිය මූලාශ්‍රයන් මගින් මෙම දිය ඇල්ල නිර්මානය වේ.

මෙම දිය ඇල්ලට ලඟා වීම සඳහා ඔබ A 4 ප්‍රධාන මාර්ගයේ (කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ) ගමන් කළ යුතුය. කොළඹ සිට ගමන් කරන විට කළුපහන හන්දියේ වම් පැත්තෙන් පටු මාර්ගයක් ඇත. මෙම පටු මාර්ගයේ කි.මී. 4 ක් ගමන් කිරීමෙන් මෙම දිය ඇල්ල දක්නට ලැබේ. ඔබට ඔබගේ වාහනය නවතා තැබීමට කිරීමට හැකි ස්ථානයක් එහි ඇත. දිය ඇල්ල සමීපයට යාමට වනාන්තරය තුලට පයින් ගමන් කළ යුතුය. එම අඩි පාරේ ආරම්භයේ දී ආරක්ෂක ස්ථානයේදී ටිකට්පතක් මිල දී ගත යුතුය.

 

Bambarakanda Waterfall

දිය ඇල්ල බැලීම සඳහා සිමෙන්ති බංකු සහිත හොඳ වේදිකාවක් ඇත. දිය ඇල්ල ඉදිරිපස තටාකය දිය නෑමට සුදුසුය.

කණගාටුවට කාරණයක් වන්නේ නියඟය පවතින කාලයේදී දිය ඇල්ල ඉතා තුනී ලෙස දිස් වීමය. ඉහළ කොටසෙහි කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනයා ඔවුන්ගේ වගා කටයුතු සඳහා සඳහා මෙම ජල ධාරාව ජලය භාවිතා කරයි.

බඹරකන්දට තවත් ආසන්න දිය ඇලි ඇත. ලංකා ඇල්ල සහ යාලතැන්න ඇල්ල එම දර්ශනීය දිය ඇලි ය. එම තොරතුරු සොයා ගැනීමට “ගමන” ඔබට උපකාර කරනු ඇත.