බඹරකිරි ඇල්ල

රත්තොට සිට රිවස්ටන් වෙත ගමන් ගන්නා මහාමාර්ගයේ බඹරකිරිඇල්ල වංගුවේ සිට මීටර 500ක් දුරින් මෙම සුන්දර දිය ඇල්ල පිහිටා තිබෙනවා. දුම්බර කඳුකරයේ වනාන්තරයට පිවිසෙන ඔබට එහි බට අඬුකන්ද නොහොත් රිවස්ටන් කඳු මුදුනට නැඟිය හැකියි. රිවස්ටන් වඩාත්ම ජනපි‍්‍රය වී ඇත්තේ එහි ඇති සුළං කපොල්ල නිසාය. බටඅඬුව සුළං කපොල්ල ලෙසත් මෙය ව්‍යවහාර වේ.

පිටවල පතන හමුවන්නේ රිවස්ටන් සිට කිලෝමීටර් හතක් පමණ දුර ගෙවා ගිය තැනය. එහිදී මීටර් 700 ක් පමණ ගිය විට ඔබට පුංචි ලෝකාන්තය ද දැක බලා ගත හැකිවේ තවදුරටත් පහලට යනකොට දකින්න පුළුවන්. දුම්බර දියඇලි අතරින් අලංකාරම දියඇල්ල වන සේර ඇල්ල ලග්ගල ප්‍රා. ලේ. කොට්ඨාශයේ පොත්තටවෙල ගම්මානයට නුදුරින් වනමැද පිහිටා තිබේ. ඉලුක්කුඹුරේ සිට කි. මී. 6ක් දුරින් පිහිටි පුවක්පිටියට පැමිණ එහි සිට තවත් කි. මී. 3ක් ගමන් කර මඳක් කැලය තුළට යාමෙන්මේ දිය ඇල්ල නැරඹිය හැකියි.

සේර ඇල්ල නරඹා ආපසු එන ගමනේදී ඉලුක්කුඹුර ගම ආසන්නයේ තෙල්ගමු ඔය දකින්නට ලැබෙන අතර තෙල්ගමු ඔය අසලම සංචාරක නිකේතන කිහිපයක් පිහිට ඇති අතර රජයේ සංචාරක නිකෙත්නයක්ද පිහිටා ඇත. දු අ ..1919 කලින් දැනුම්දීමෙන් වෙන්කරවා ගත හැක .

ඉලුක්කුඹුර ප්‍රදේශයේ නවාතැන් ගැනීමෙන් ඊලග දිනයේදී ඔබට.ඇති කාලය සහ දුර ප්රමාණය අනුව, මානිගල , වස්ගමුව ජාතික වන උද්‍යානය නැරඹීමට හෝ මොරගහකන්ද ජලාශය නැරබීමේ අවස්ථාව උදාවනු ඇත මේ සියලු ස්ථාන නැරබීමට අඩුම වශයෙන් දින 3 කාලයක් වත් අවශ්‍ය වනු ඇත.සම්පුර්ණ ගමනේදිම කිලෝමිටර් 7-8 ක් පයින් යන්න තියෙනවා (මද්‍යසාරයෙන් තොරව ..) ඒතකොට තමයි මේ ගමනට වටිනා කමක් ලැබේන්නේ. අරන් යන සියළුදේ නැවත රැගෙන ඒන්න.මතුපරපුරටත් මෙම සුන්දර පරිසරය දැකිමට ඉතිරි කරන්න.අාරක්ෂාව ගැන සැළකිලිමත් වන්න.

සටහන : සඳරුවන් ප්‍රියන්ජන