බැරැන්ඩි කෝවිල

සීතාවක රාජධානි සමයට අයත් හින්දු කෝවිලකි

සීතාවක රාජධානි සමයට අයත් හින්දු කෝවිලකි

මෙය පුරාණ හින්දු කෝවිලකි. සීතාවක රාජධානි යුගයට (ක්‍රි.ව. 1521 – 1594) අයත් වේ. එම කාලය තුළ දෙවන රාජසිංහ රජු (සීතාවක රාජසිංහ ලෙසද හැඳින්වේ) හින්දු භක්තිකයෙකු බවට පත්ව හින්දු ආගමට අනුග්‍රහය දැක්වීය. ඔහු පාලනය කළ කාලය තුළ මෙම කෝවිල ඉදිකර ඇහ. එම යුගයේ සිට හොඳින්ම ආරක්ෂාවී ඇති හින්දු කෝවිල මෙයයි.

බැරැන්ඩි කෝවිල පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල සහ තල්දූව නගරවලට ආසන්නවය. අවිස්සාවැල්ල – කෑගල්ල පාරේ අවිස්සාවේල්ලේ සිට තල්දූව දෙසට ගමන් කරන විට, දකුණු පැත්තේ කිලෝමීටර කිහිපයකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකල නාම පුවරුවක් දැකිය හැකිය. එම නාම පුවරුව අසලින් ආරම්භ වන පටු මාර්ගයේ මීටර් 150 ක් පමණ ගමන්කිරීමෙන් මෙම කෝවිලාට් ලගාවිය හැකිය .

මෙම කෝවිල ඉදිකර ඇත්තේ කැළණි ගග මායිම්ව අලන්කාර භූමියකය.

Berendi Kovila