බෝගොඩ දැව පාලම සහ පන්සල

ශ්‍රි ලංකාවේ පැරණිතම දැව පාලම

බදුල්ල දිස්ත්රික්කයේ පිහිටා ඇති පැරණි පාලමකි. දඹදෙණි රාජධානියේ යුගයට අයත් (1220-1345 AD) පැරණිතම දැව පාලම ලෙස නම් කළ හැකිය.

යකඩ ඇණ භාවිතයෙන් තොරව මෙම පාලම ලී වලින් සාදා ඇත. නමුත් එය පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් අලුත්වැඩියා කර ඇත. එහෙත් එහි පැරණි වටිනාකමට කිසිදු හානියක් සිදුවී නැත.

මෙම පාලම ඉදිකර ඇත්තේ බෝගොඩ විහාරයට මායිම්ව ලොග්ගල් ඔයට හරහා ය. අතීත කතාවලට අනුව, පුරාණ සිංහල රාජධානි යුගයේදී භාවිතා කරන ලද පැරණි බදුල්ල – මහනුවර මාර්ගයේ මෙය පිහිටා ඇත.

 

ආසන්නතම නගරය වන්නේ හැලි ඇල නගරයයි. බොගොඩ පාලම සහ පන්සල වෙත ළඟාවීමට හාලි ඇල හන්දියේ සිට කන්දේගෙදර දෙසට කිලොමිටර 5 පමන ගමන්කල යුතුය.

මෙම පාලමට අමතරව බෝගොඩ පන්සල භූමියේදී දැක ගත හැකි පැරණි උමං මාර්ගයක් තිබේ. වර්තමානයේ මීටර් කිහිපයක් පමණ දුරට පමණක් ප්‍රවේශ විය හැකි වුවද, ගැමියන්ට අනුව, එම ස්ථානයේ සිට තවත් කිලෝමීටර 12 ක් පමණ දුරින් එම උමගේ අනික් අන්තය දැකිය හැකි අතර බොගොඩ අන්තයට වඩා වැඩි දුරක් එම අන්තයෙන් උමග තුලට ගමන්කළ හැකිය.