දඹදෙණිය රාජධානියේ නටබුන්

ලේඛනගත ඉතිහාසයට අනුව දඹදෙණිය ශ්‍රී ලංකාවේ තුන්වන රාජධානියයි. පොලොන්නරුව රාජධානියෙන් පසු රාජධානිය ගිනිකොනදිග ප්‍රදේශවලට ගෙන යාමේ ප්‍රතිථලයක් ලෙස ක්‍රි.ව. 1236 දී දෙවන විජයබාහු රජු මෙම රාජධානිය පිහිටුවන ලදී.

දඹදෙණිය රාජධානියේ නටබුන් මාලිගා ගල නම් විශාල පර්වතයක් මත දැකිය හැකිය. මෙය පිහිටා ඇත්තේ කුරුණෑගල – මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 1 ක් පමණ දුරිනි. රජවරුන්ගේ මාළිගාවේ නටබුන්, ඔවුන් භාවිතා කළ පොකුණු තවමත් එම ස්ථානයේ පවතී.

ජනකතා වලට අනුව ඔවුන් මෙය බලකොටුවක් ලෙස ද භාවිතා කර ඇත. ඔබට මෙම ස්ථානයේ සිට විශාල ප්‍රදේශයක් නැරඹිය හැකිය. දේශපාලනික වශයෙන් අස්ථාවර කාලවලදී ආරක්ෂිත ස්ථානයක් ලෙස රජවරුන්ට එය වාසියක් විය.

මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. ඔබට පහසුවෙන් මෙම ස්ථානයට මෝටර් රථයකින් ළඟා විය හැකිය. ඉපැරණි පඩිපෙළ භාවිතා කරමින් පර්වතයේ මුදුනට ළඟාවීම එතරම් අපහසු නොවේ. පර්වතයේ මුදුන සුළං සහිත ස්ථානයකි.