ගම්පහ කළු පාලම

ගම්පහ සහ යාගොඩ දුම්රිය ස්ථාන අතර ගම්පහ දුම්රිය ස්ථානට ආසන්නව අත්තනගලු ඔයෙහි ශාඛාවක් හරහා ඉදිකර ඇති දුම්රිය පාලමකි. ඔරුතොට පර ඔස්සේ පැමිණ ගම්පහ ඔරුතොට ශරීර සුවතා මං තීරුව ඉදිරිපස ඇති ග්‍රාම සංවර්ධන පාරෙහි කෙටි දුරක් ගමන් කර දුම්රිය මාර්ගයට පිවිස මෙම පාලම අසළට පැමිණිය හැක. නැතිනම් ගම්පහ දුම්රිය ස්ථානයේ සිට පා ගමනින්ද මෙම ස්ථානයට පැමිණිය හැක. ගම්පහ ඉතා ප්‍රසිද්ධ ස්ථානයකි.

වැදගත්:- දුම්රිය පාරේ ගමන් කිරීම සහ එහි සිට ඡායාරූප ගැනීම නීති විරෝධී වන අතර වෙවැනි ස්ථාන නැරඹීමේ දී ප්‍රවේශම් විය යුතුයි.