පුංචි සිරීපාදය

මේ පුංචි සිරීපාදය පිහිටා තිබෙන්නේ ලංකාවේ සුන්දර පරිසරය කට හිමිකම් කියන ඇල්ල ප්‍රදේශයේ. මෙම කන්දට මේ නම ලැබිලා තියෙන්නෙ සිරීපාදය ට සමාන හැඩයක් ඇති නිසා.

මෙහි උස 1141m වෙනවා. ඇල්ල නගරයේ සිට පස්සර මර්ගයේ 2km පමණ ගමන් කර දකුනට හැරී  එම මාර්ගයේ විනාඩි 45 පමන ගමන් කර මේ කදු මුදුනට ලගා වීමට පුලුවන්.

මාර්ගයේ පොඩි දුරකට වාහන රැගෙන යන්න පුලුවන් ඉතුරු කොටස කදු මුදුනට නගින්න වෙනවා. කදු මුදුනට යන මාර්ගය වැටී තිබෙන්නේ තේ වතු මැදින් ඉතා රමනීය පාරිසරික සුන්දරත්වයක් ඇති උදෑසන මීදුමෙන් වැසී යන හිරු ආලෝකයත් සමග මුසු වී ඇති පරිසරයක් මැදිනි. එක් පසෙකින් ඇල්ල රොක් කදු මුදුනද අලංකාර වත්ව දිස් වේ. කදු මුදුනට නගින විට පඩි පෙල දෙපස විශාල ගස් නැති නිසා කදු මුදුනේ සිට හාත්පසම ඉතා පැහැදිලි ව දර්ශනය වෙනවා.

කදු මුදුනට ගිය විට සුවදායක සීතල සුලග හිත නිවන නිස්කලන්ක රමනීය පරිසරය ක් දැක ගන්න පුලුවන්. කදු මුදුන් 3ක් සහිතව ඇති අතර එම කදු මුදුන් 3ටම දුෂ්කර මෙන්ම වීනෝදජනක මාර්ගයකින් යන්න පුලුවන්. ඉතා අලංකාර පරිසරයක් ඇති මේ කදු  මුදුනට උදේ පාන්දරම ගියොත් උදෑසන හිරු උදාව සිරීපාදයේ සිට දකින ආකාරයට ඉතා සුන්දර ව දකින්න පුලුවන්. ඒ වගේම සවස ඉර බැසීමත්.

Camping වලටනම් අවසර නැති තැනක්.

කොහොම හරි අවසනාවන්ත ලෙස කදු මුදුනේ පරිසරය ට පොලිතින් ඉටි බෑග් බියර් ටින් වගේ දේවල් හැමතැනම දාල දැනටමත්. ඉතිම් මේ සුන්දර පරිසරය ආරක්ෂා කරගැනීම ඔබ අප සතු වගකීමක් ,එය ආරක්ෂා කරගෙන මේ සුන්දරත්වය ගිහින් විදගන්න ඇල්ල පුංචි සිරීපාදයට.

සටහන – Sandaruwan Priyanjana